පාසල් දැරියන් දෙදෙනකු අපයෝජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිසිය පැවැසීය. නෝර්වුඩ් පොලිස් වසමට අයත් වතුයායක පදිංචි සැකකාර සෙබළා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී එම වතුයායේම පදිංචි අවු. 8 සහ අවු. 10 පාසල් දැරියන් දෙදෙනකු එම වතුයායේ තේ වත්ත දෙසට රැගෙන ගොස් ඇති අතර, එහිදී එක් පාසල් දැරියක් සැකකරුගෙන් මිදී දිව එන අවස්ථාවේ එය දුටු ප්‍රදේශවාසින් සැකකාර සෙබළා අල්ලා නෝර්වුඩ් පොලිසිය වෙත භාර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් දැරියන් දෙදෙනාගේ පියා විසින් නෝර්වුඩ් පොලිසියට පැමිණිලි කර ඇති බවත්, පාසල් දැරියන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත් පොලිසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරේ රාජකාරි කරන බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නෝර්වුඩ් පොලිසිය පැවැසීය.
නුවරඑළිය – නාලක රත්නායක - Divaina.lk